අයවැය තෙවැනිවර කියවීමේ විවාදය අද

මාර් 13, 2019

    2019 අයවැය තුන්වන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අද (13) ආරම්භ වීමට නියමිතයි.

    ඒඅනූව, අද දින ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණවල විනිශ්චයකාරවරුන්, අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඇතුළු වැය ශීර්ෂ 25ක් විවාදයට ගැනේ.

    ජාතික පොලිස් කොමිසන් සභාව, පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, රාජ්‍ය සේවා කොමිසන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව, අධිකරණ සේවා කොමිසන් සභාව, මුදල් කොමිසන් සභා කාර්යාලය සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව යන වැය ශීර්ෂ ද ඊට අයත්. ග

    පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලය, විපක්ෂ නායක කාර්යාලය, මැතිවරණ කොමිසන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් කාර්යාලය, විගණන සේවා කොමිසන් සභාව, ජාතික ප‍්‍රසම්පාදන කොමිසන් සභාව සහ සීමා නිර්ණය කොමිසන් සභාව අද විවාදයට ගැනෙන සෙසු වැය ශීර්ෂ වනවා.

    අද ආරම්භ වන අයවැය 03 වන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදය ලබන 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 10:56

    Latest News