තවත් යුක්රේන සංචාරක පිරිසක් මත්තලින් දිවයිනට....

පෙබ 13, 2021

    රජයේ නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කෙරෙන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහනට සමගාමීව යුක්රේනයේ ස්කයි අප් ගුවන්සේවයට අයත් PQ 555 දරණ ගුවන් යානයෙන් සංචාරකයින් 187දෙනෙකු මත්තල ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණ තිබේ.

    පැමිණි පිරිස අදාල හෝටල් පරිශ්‍ර කරා රැගෙන යාමට නියමිතයි. ඒ අනුව ඔවුන් මෙරටට පැමිනි 20වන යුක්රේන සංචාරක කණ්ඩායමයි. 

    මේ අතර මේ වනතෙක් පැමින ඇති සංචාරකයින්ගෙන් 146 දෙනෙකු එම ගුවන් යානයෙන්ම නැවත යුක්රේනය බලා පිටත්විය.

    Latest News