නීති විරෝධී රසායනාගාර උපකරණ අලෙවි සැළක් වටලයි

පෙබ 13, 2021

    ස්නාහිර පලාත්‌ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක්‌ මත බොරැල්ල පොලිස්‌ වසමේ නීති විරෝධී රසායනාගාර උපකරණ අලෙවි සැළක් වටලා තිබේ.

    ඊයේ (12) උදෑසන 11.45 ට පමණ බසනාගිර පලාත්‌ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට බොරැල්ල පොලිස්‌ වසමේ ගෝතමී පාර, කොළඹ 08 ලිපිනයේ පිහිටි කල්‌ ඉකුත්‌ වූ රසායනාගාර උපකරණ බෙදා හරින බවට ලද තොරතුරක්‌ මත ජාතික ඹෟෂද නියාමන අධිකාරියේ නිලධාරීන්‌ කණ්ඩායමක්‌ සමග වැටලීමක්‌ සිදුකර ඇත.

    borellaraid_01.jpg

    එම ආයතනයේ තිබී කල්‌ ඉකුත්වූ රසායනාගාර උපකරණ තොගයක්‌ ඖෂද නියාමන අධිකාරිය විසින්‌ අත්‌අඩංගුවට ගෙන ඇති අතර එම උපකරණ ඉන්දියාවෙන්‌ හා චීනයෙන්‌ මෙරටට ගෙන්වා ඇත. පසුව එම උපකරණ වෙනත්‌ රටක නිෂ්පාදනය කර මෙරටට ගෙන්වන බවට එහි ලේබල්‌ සහ පෙට්ටි සකස්‌ කර නැචත අසුරා වෙළද පොලට අලෙවි කිරීම සිදු කරණ බවට අනාවරණය වි ඇත.

    මෙම ආයනනය වසර 15 ක පමණ කාලයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති අතර එම ස්ථානයට මෙම රසායනාගාර උපකරණ ගබඩා කිරීමට හෝ ලඟ තබාගැනීමට කිසිදු බල පත්‍රයක්‌ තිබී නොමැත. තවද මෙම ආයතනය මගින්‌ කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල පෞද්ගලික රොහල්‌වලට හා රසායනාගාරවලට මෙම උපකරණ බෙදා හැරීම කලක සිට සිදුකර ඇති බවටද අනාවරණය වී ඇත.

    මේ සම්බන්ධයෙන්‌ එම ආයතනයේ හිමිකරු බැදුම්කරයක්‌ මත මුදාහැර ඇති අතර එම ආයතනය මුද්‍රා තැබිමට කටයුතු කර ඇත. ඉදිරි විමර්ශන කටයුතු ජානික ඹෟෂද නියාමන අධිකාරිය විසින්‌ සිදු කරණු ලබයි.

    Latest News