රාත්‍රී අනතුරින් 2කින් තිදෙනෙක් මරු

දෙසැ 10, 2018

    අහංගම, ගාල්ල - මාතර මාර්ගයේ හාතපැලෑන ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙක් මිය යති.

    එය මධ්‍යම රාත්‍රී 12.15 ට පමණ සිදුව තිබේ. මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ බස් රථයක ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇත. ත්‍රීරෝද රථයේ ගමන් ගත් අවුරුදු 20ක් වයසැති කැටකෑලගහවත්ත, මැලියගොඩ - අහංගම ප්‍රදේශයේ පදිංචි මිනිඳු රොෂාන් යන අය කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියහ.

    මේ අතර මැදවච්චිය ඒ.9 මාර්ගයේ සංගිලි කනදරාව ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මිය ගියේය. යාපනය සිට කොළඹ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මැදවච්චිය සිට ධාවනය වූ යතුරු පැදියක ගැටීමෙන් අනතුර සිදුවී ඇත. යතුරුපැදිකරු මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. අවුරුදු 45ක් වයසැති චමින්ද සෙනෙවිරත්න නම් වන ඔහු, මහදිවුල්වැව, ඇටවිරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Latest News