ස්පඤ්ඤයේ අතුරුදන් වූ කුඩා පිරිමි ළමයාගේ මළ සිරුර මලගා ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

බලය අත්හැර යන්නේ නම්, පොදු සමාවක් ලබාදෙන බවට, අමෙරිකාවේ සහය ලබන වෙනිසියුලානු විපක්‍ෂ නායකවරයා එරට ජනාධිපතිවරයාට දැනුම් දෙනවා.

ඉන්දියාව ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර තිබේ. එය නිර්මාණය කරනු ලැබ ඇත්තේ එරට පාසල් ශිෂ්‍යයන් පිරිසක් වීම විශේෂත්වයකි.

Update : ස්පාඤ්ඤයේ කුහරයකට වැටී අනතුරට පත් දරුවා බේරාගැනීමේ මෙහෙයුම් අවසන් අදියරට පැමිණ තිබේ.

ප්‍රියංකා ගාන්ධි නිල වශයෙන් දේශපාලනයට සම්බන්ධ වී තිබෙනවා.

ඉන්දියාවේ උතුරුදිග ප්‍රදේශයේ වාර්ෂික හිමපතනය ආරම්භ වී තිබෙනවා.

ෙසිම්බාබ්වේ ජනාධිපති එමර්ෂන් මැනන්ගාග්වා තම යුරෝපා සංචාරය අතහැරදමා ආපසු පැමිණ තිබේ.

දකුණු දිග සාගර කලාපයේ කේන්ද්‍රගත “කිරිල්“ නමැති මත්ස්‍ය විශේෂය ඇන්ටාක්ටික් ප්‍රදේශයට සංක්‍රමණය වී තිබෙනවා.

ඊශ්‍රායලය, නව අන්තර් ජාතික ගුවන්තොටුපොළක් විවෘත කර තිබේ. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මෙහි අරමුණයි.

පකිස්තානයේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.  බස් රථ්‍ය, ට්‍රක් රථයක් සමග ගැටී ගිනි ගැනීම අනතුරට හේතුවයි.

ක්‍රිමියාවේ කර්ච් සමුද්‍ර සන්ධියේ නෞකා දෙකක සිදුවූ අනතුරකින් එක් නෞකාවක් ගිනිගෙන තිබේ.

දුර්ලභ ඝනයේ චන්ද්‍රග්‍රහණයක් බටහිර යුරෝපීය රටවලට දර්ශනය වෙයි.

චිලි රාජ්‍යයේ උතුරු ප්‍රදේශයෙන් රිච්ටර් මාපක 6.7ක භූමි කම්පනයක් වාර්තාවේ.

දැඩි ශීත කාලගුණය හේතුවෙන් අමෙරිකාවේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති. ඊයේ දිනයේ දී ප්‍රදේශ රැසකට දැඩි හිමපතනයක් සිදුව ඇති බව වාර්තා වේ.

ලොව වයස්ගතම මිනිසා වූ ජපානයේ මසාසු නොනකා මියයයි.

රාජ්‍ය කටයුතු අකර්මන්‍යවීම වළක්වා ගැනීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සම්මුතියකට එළඹීමට සූදානම් වෙයි.

මධ්‍යධරණී මුහුදේ සිදුවූ අනතුරු වලින් සංක්‍රමණිකයෝ 170ක් ජීවිතක්ෂයට පත්වෙති. එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ ඒජන්සිය පවසන්නේ, නෞකාවන් දෙකක් අනතුරට ලක්වී ඇති බවයි.

Update : මෙක්සිකෝවේ පිපිරීමෙන් මිය ගිය සංඛ්‍යාව 66 දක්වා ඉහළ යයි. තුවාලකරුවන් 76ක්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ සම්බන්ධ මුල් වාර්තාව

මෙක්සිකෝවේ ඉන්ධන නලයක පිපිරීමක්; 21ක්මරුට (18:30)

මෙක්සිකෝවේ ඉන්ධන නලයක් පිපිරීමෙන් ආසන්න වශයෙන් 21 දෙනෙකු පමණ මරුමුවට පත්ව 71කට තුවාල සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝ සිටි අගනුවරට සැතපුම් 80ක් පමණ උතුරින් මෙම පිපිරීම සිදුවී ඇත.

සොරුන් විසින් ඉන්ධන නල මාර්ගය අතර මගින් හානි කොට ඉන්ධන ලබා ගැනීමෙදී මෙම පිපිරීම සිදුවී ඇති බව “පෙමෙක්ස්" නම් මෙක්සිකෝ රජය සතු ඉන්ධන සමාගම සඳහන් කරයි.

පිපිරීම සිදුවූ ස්ථානය අයත් හිඩල්ගෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසන්නේ හානියට පත්වූවන්ගේ ගණන වැඩි වීමට ඉඩ ඇති බවයි. සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ඔහු තවදුරත් සඳහන් කරයි.

ඉන්ධන හොරකම මෙක්සිකෝව තුළ ඉතා බහුලව සිදු වේ. අනතුරට ලක්වූවන්ට කඩිනමින් ප්‍රතිකාර කරන ලෙස මෙක්සිකෝ ජනපති නියෝග කොට ඇති අතර ඉන්ධන සොරකම මුලිනුපුටා දැමීමට ප්‍රතිඥා දී ඇත.

2010 වසරේ දීද මෙවැනිම ආකාරයේ පිපිරීමක් සිදුවී 28 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර දෙවැනි වටයේ සාකච්ජා, පෙබරවාරි මස පැවැත්වීමට තීරණය කර ඇති බව, අමෙරිකානු ධවල මන්දිරය පවසයි.

දෙවන වරටත් උතුරු කොරියා-අමෙරිකා රාජ්‍ය නායක හමුවක් පැවැත්වීමේ සූදනමක් පිළිබඳ විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Latest News