ලෝක බැංකුවේ සභාපති ජිම් යොන්ග් කිම් හදිසියේ ඉල්ලා අස්වී තිබේ.

දිගු කළක සිට පවතින විරෝධතා මැඩපැවැත්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව, ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා පවසයි.

මැලේසියාවේ 5 වැනි සුල්තාන් මොහොමඩ් රජු සිහසුන අතහැර යාමට තීරණය කර තිබේ.


කොංගෝ ජනරජයේ ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද කෙරේ.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ හින්දු කෝවිලයට කාන්තාවන් ඇතුළුවීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව හේතුවෙන්, ප්‍රාන්තයේ කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී තිබේ.

12 වැනි දිනටත් අමෙරිකානු රජයේ වැඩකටයුතු අර්ධ වශයෙන් ඇණහිට තිබේ.

රුසියාවේ - මැග්නිටෝගෝර්ස්ක් නගරයේ ගොඩනැගිල්ලක සිදුවූ ගෑස් කාන්දුවීමක් නිසා ඇතිවූ පිපිරීමකින් 9 දෙනෙක් මිය යති.

ජායිර් බොල්සොනාරෝ බ්‍රසීලයේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙයි.

නව වසර උදාව ලෝකයේ රටවල් උත්සවශ්‍රීයෙන්  සමරනු ලැබීය. 

කෙංගෝ ජනරජයේ ජනාධිපතිවරණයට බාධා එල්ල වෙයි. විවිධ ගැටලු හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන බොහොමයක නිසි වේලාවට මැතිවරණය ආරම්භ කිරීමට නොහැකිවීමට ඊට හේතුවයි.

නව මැතිවරණයක් පැවැත්විය යුතු බවට බංග්ලාදේශ විපක්ෂය කියා සිටී.

බංග්ලාදේශයේ මහ මැතිවරණය අදයි.

පිලිපීනයේ, මින්දනාඕ දූපත්වලට දකුණින් වූ මුහුදේ භූ කම්පනයක් හටගනී.

 අමෙරිකාවේ හිටපු ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා මේ වසරේ එරට වඩාත් පිළිගැනීමට ලක්වූ කාන්තාව බවට පත්වෙයි.

චීනයේ ඉදි කෙරුණු නවතම සූර්ය බලශක්ති බලාගාරය අද විවෘත කෙරිණ. මෙහි ධාරිතාව මෙගාවොට් සියයකි. 

චීනයේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී, මා ජියෑන්ට ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරේ.

ඇෆ්ගනිස්තානයේ රජයේ ගොඩනැගිල්ලකට එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 43ක් දක්වා ඉහළ යයි.

අමෙරිකානු සහ මෙක්සිකෝ දේශසීමාවේ දී සිදු වූ සරණාගත ගැටලුවකින් ගෝතමාලාවේ දරුවෙකු මිය යයි.

ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳ පොළ රැසක් පසුබෑමකට ලක්වෙයි.

නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය අති උතුම් ශුද්ධොත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ මූලිකත්වයෙන් වතිකානයේ ශාන්ත පීතර බැසිලිකා දේවස්ථානයේ දී පැවැත්විණ.

Latest News