උගංඩාවේ පාසලකට ප්‍රහාරයක්

ජූනි 17, 2023

    බටහිර උගන්ඩාවේ පාසලකට ඉස්ලාමීය කැරලිකරුවන් පිරිසක් විසින් එල්ලකළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    මියගිය වැඩි පිරිසක් පාසල් සිසුන්. 08 දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක් විසින් කොංගෝ දේශසීමාව ආසන්නයේ පිහිටි එම පාසලට රාත්‍රී කාලයේ කඩාවැදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා. සිසුන් 60ක් පමණ සේවාසිකව එම පාසලේ රැඳී සිට ඇති අතර සිසුවියන් ඇතුලු පිරිසක් කැරලිකරුවන් විසින් පැහරගෙනගොස් ඇති බව වැඩිදුරටත් සඳහන්.

    Latest News