ටයිටැනික් සුන්බුන් සොයා ගොස් අතුරුදන්

ජූනි 20, 2023

    ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය සංචාරකයින් පිරිසක් රැගත් සබ්මැරීනයක් අත්ලාන්තික් සාගරයේ දී අතුරුදන්වී තිබෙනවා.

    අමෙරිකානු සංචාරක සමාගමකට අයත්, එම සබ්මැරීනයේ පස් දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

    මේ වන විට අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය සබ්මැරීනය සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. සබ්මැරීනය ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45 කින් පමණ එහි සබඳතා ඇණහිට ඇති බවයි වාර්තා වන්නේ.

    සබ්මැරීනය තුළ දින 4 කට ප්‍රමාණවත් කරම් ඔක්සිජන් පවතින බැවින් එහි සිටි පුද්ගලයන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වනු ඇති බවට බලධාරීන් විශ්වාසය පළ කරනවා.

    එම නිසා සියලු අංශවල දායකත්වයෙන් සබ්මැරීනය සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසන්නේ.

    විදෙස් වාර්තාවල දැක්වෙන්නේ අතුරුදන්වූ සබ්මැරීනයේ සිටි අය අතර, 58 හැවිරිදි බ්‍රිතාන්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙකු සහ ගවේෂකයෙකු වන හමිෂ් හාඩන් ද සිටින බව ඔහුගේ පවුලේ සාමාජිකයන් පවසා ඇති බවයි.

    Latest News