29ක් අළු කළ චීන ගින්න

අප්‍රේ 19, 2023

    චීනයේ බෙයිජිං අගනුවර රෝහලක ඇතිවූ ගින්නකින් 29 දෙනෙකු මියගොස් තිබෙනවා. ‍

    ගින්න හට ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට බලධාරීන් කඩිනමින් ක්‍රියාකළා. ඒ අනුව, 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියේ රඳවා සිටින බව, විදෙස් වාර්*තාවල සඳහන්.  රෝහලේ නේවාසික ප්‍රතිකාර ඒකකයේ ගින්න හටගෙන ඇති අතර, රෝගීන් 71 දෙනෙකු ඉන් ඉවත් කිරීමට රෝහල් කාර්*ය මණ්ඩලය කඩිනමින් පියවර ගෙන තිබෙනවා.

    මිය ගිය අයගෙන් වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්. ගින්න හටගත් අවස්ථාවේ ඇතමුන් ඉන් බේරීමට ජනෙල්වලින් ඉවතට පැන තිබෙනවා. බලධාරීන් ප්‍රකාශ කරන්නේ, බෙයිජිංහි මෑත කාලයේ සිදුවූ මාරාන්තික සිදුවීම මෙය බවයි. බලධාරීන්ගේ සහ සහන සේවකයන්ගේ නොසැලකිල්ල හා මන්දගාමී ක්‍රියාකලාපය නිසා සිය ආදරනීයන් අහිමි වු බවට, මියගිය සහ ආපදාවට පත්වූවන්ගේ පවුල්වල ඥාතීන් චෝදනා කරනවා.

    Latest News