යුද පිටියක් වූ සුඩානය

අප්‍රේ 18, 2023

    සුඩාන රජයේ හමුදාවන් සහ කැරලිකාර කණ්ඩායම් අතර, ගැටුම් තවදුරටත් උග්‍ර වී තිබෙනවා.

    ගැටුම් උත්සන්න වීමත් සමග සුඩානයේ සිටින විදේශිකයන්ට ද ප්‍රහාර එල්ල වී ඇති අතර, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද ඒ අතර වනවා.

    විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, කාටුම් අගනුවර යුද පිටියක් වී ඇති බවයි.

    අගනුවරට ගුවන් ප්‍රහාර මෙන්ම, ෂෙල් වෙඩි ප්‍රහාර ද එල්ල වෙමින් පවතිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ, මේ වන විට ‍200 කට ආසන්න පිරිසක් මියගොස්, 1,800 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

    කාටුම් අගනුවරදී, සුඩානයේ සිටින යුරෝපා සංගමයේ තානාපති අයි‍ඩන් ඔහාරාට ද ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

    තානාපතිවරයා, අගනුවර පිහිටි ඔහුගේ නිවසේ සිටිය දී ප්‍රහාරය එල්ල වී ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්.

    අයර්ලන්ත ජාතිකයෙකු වන ඔහුගේ තත්වය බරපතල නොවන බවයි, අයර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

    කෙසේ වෙතත්, සුඩානය, රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂා කිරීමේ වගකීම බරපතල ලෙස පැහැර හැර ඇති බවටයි, විදෙස් රටවල් චෝදනා කරන්නේ.

    Latest News