ඩොන්බාස් කලාපයට ෂෙල් වෙඩි

අප්‍රේ 16, 2023

    යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයට එල්ල වූ රුසියානු ෂෙල් ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගිය බව, එරට බලධාරීන් පවසනවා.

    මිය ගිය පිරිස අතර, වයස අවුරුදු 2ක කුඩා දරුවෙකු ද සිටින බවයි, වාර් තා වන්නේ.

    යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයට අයත්, “ස්ලෝවියාන්ස්ක්” නගරයට එල්ල වූ රුසියානු ෂෙල් ප්‍රහාරවලින් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, එරට බලධාරීන් පවසන්නේ.

    එම නගරයේ නේවාසික ගොඩනැගිලි රැසකට ද ඉන් දැඩි හානි සිදුව තිබෙනවා.

    තවත් කිහිපදෙනෙකු අතුරුදන්ව සිටින බවයි, නගර බලධාරීන් පවසන්නේ. ඔවුන් සුන්බුන් යට සිරවී සිටිනු ඇති බවට, සැක පළ කරනවා.

    යුක්‍රේනයේ ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි, රුසියානු ප්‍රහාර යළි හෙළා දැක තිබෙනවා.

    රුසියානු ෂෙල් ප්‍රහාරවලින් “ස්ලෝවියාන්ස්ක්” නගරයේ වෙළෙඳසැල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ද දැඩි හානි සිදුව ඇති බවයි, නවතම යුධ වාර් තා පවසන්නේ.

    රුසියානු හමුදා ප්‍රතිනිර් මාණය කරන ලද “එස් - 300” මිසයිල මෙම ප්‍රහාරය සඳහා යොදා ගෙන ඇති බවට ද යුක්‍රේනයේ බලධාරීන් සැක පළ කරනවා.

    Latest News