ඉරානයේ ජනතා උද්ඝෝෂණ උග්‍රවෙයි

සැප් 28, 2022

    ඉරානයේ ජනතා උද්ඝෝෂණ තවදුරටත් උග්‍ර වී තිබෙනවා. එරට ආරක්ෂක අංශ සමග ඇති වූ ගැටුම්වලින් විරෝධතාකරුවන් 76 දෙනෙකු මියගොස් ඇති බවයි, වාර්තා වන්‍නේ.

    දින 11 ක කාලයක් මෙම විරෝධතා දියත් වනවා. කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අසමානතාව අවසන් කරන ලෙස සහ හිජාබය පැලදීම අනිවාර්ය කිරීම නතර කරන ලෙස ඉල්ලා විරෝධතා ක්‍රියාත්මකයි.

    පසුගියදා ඉරානයේ 22 හැවිරිදි මාහ්සා අමීනි සිය හිස්වැස්ම නිසි ලෙස නොපැලදීමේ චෝදනා මත පොලිස් අත්අඩංගුවට පත් වුණා. අත්අඩංගුවේ සිටියදී ඇය පහර කෑමට ලක් රෝහල් ගත කර සිටියදී මිය යාමත් සමගයි, මෙම දැවැන්ත විරෝධතා ආරම්භ වූයේ.

    ඇගේ ඛේදනීය මරණයත් සමග ඉරාන කාන්තාවන් තුළ නිදන්ගතව පැවති කෝපය ඉස්මතු වී තිබෙනවා. දහස් ගණනක් කාන්තාවන් වීදි වෙත පැමිණ විරෝධතාවයේ නිරත වන්නේ, ඒ අනුවයි.

    Latest News