නිව්යෝක් හි ගින්නකින් 19 ක් මරුට...

ජන 10, 2022

    අමෙරිකාවේ නිව්යෝක් හි මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා.

    නගරාධිපති එරික් ඇඩම්ස් පවසන්නේ, අනතුරට පත් 32 ක් රෝහල්ගත කර ඇති බවයි. මහල් නිවාසයේ දොර විවෘතව තැබීම හේතුවෙන් ගින්න සහ දුමාරය සෑම මහලකටම පැතිර ගොස් තිබෙනවා. එම නිසා විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වුණා. රෝහල් ගතකළ අයගෙන් 13 දෙනෙකුගේ තත්වය අසාධ්‍ය බව වාර්තා වනවා. ගින්න හටගෙන ඇත්තේ, ගැම්බියාවේ සිට එක්සත් ජනපදයට සංක්‍රමණය වූවන් වෙසෙන නිවාස සංකීර්ණයකයි.

    Latest News