"නිරයේ දොරටුව" වසා දැමේ...

ජන 09, 2022

    ටර්කමෙනිස්තානයේ "නිරයේ දොරටුව" නමින් හඳුන්වන දැවැන්ත කාන්තාර වායු ආවාටය වසා දැමීමට එරට ජනාධිපති ගර්බන්ගුලි බර්ඩමිහම්ඩව් නියෝගකර තිබෙනවා.

    එම පියවර ගෙන ඇත්තේ, පාරිසරික හා සෞඛ්‍ය හේතුන් මතයි. එමෙන්ම ගෑස් අපනයනය වැඩි කිරීම ද එහි තවත් අරමුණක්. 1971 සෝවියට් මෙහෙයුමක් අතරතුර සිදුවූ වැරදීමකින් මෙම ආවාටය සිදුවූ බවට මත පළ වී තිබෙනවා. නමුත්, කැනේඩියානු ගමේෂක ජෝර්ජ් කුරුනීස් 2013 දී සිදුකළ, පරීක්ෂණයකින් හෙළිදරව් වූයේ එහි ආරම්භය නිෂ්චිතව කිව නොහැකි බවයි.

    1960 දී පමණ මෙය නිර්මාණය වී ඇති බවයි, අනුමාන කෙරෙන්නේ. 1980 දී මෙය දැල්වීම ආරම්භ වී ඇති බවයි, ඇතැමුන්ගේ අදහස. මෙම ආවාටය සහිත ප්‍රදේශය සංචාරක ආකර්ශනය සහිත ප්‍රදේශයක් ලෙස හැඳින්වෙනවා. 2010 වර්ෂයේ සිදු කළ මෙහෙයුමකදී ආවාටයේ ගින්න නිවා දැමීමට විද්‍යාඥයින් උත්සාහ දරා තිබෙනවා.

    Latest News