ඔමික්‍රොන් කොවිඩ් නව ප්‍රභේදය වැළඳුණු ආසාදිතයන් දෙදෙනෙකු ඉන්දියාවෙන්...

දෙසැ 02, 2021

    ශීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඔමික්‍රොන් කොවිඩ් නව ප්‍රභේදය වැළඳුණු ආසාදිතයන් දෙදෙනෙකු තම රටින් හඳුනාගත් බව, ඉන්දියාව අද තහවුරු කලා.

    ඔවුන් දෙදෙනාම හමුවී ඇත්තේ, කර්නාටක ප්‍රාන්තයෙන්. ආසාදිතයින් 66 සහ 46 යන වයස් කාණ්ඩවල පසුවන්නන්. දෙදෙනාම පිරිමි පුද්ගලයින්. මෙම ආසාදිතයන් ඉන්දියාවෙන් හඳුනාගැණුනේ, ප්‍රථම වරටයි. ඔවුන්ගෙන් දරුණු රෝග ලක්ෂණ පහළවී නැතැයි, ඉන්දීය සෞඛ්‍ය අංශ පවසනවා. 66 හැවිරිදි පුද්ගලයා දකුණු අප්‍රිකාවේ සංචාරයක් සිදු කළ විදේශීය ජාතිකයෙක්. 46 හැවිරිදි පුද්ගලයා බෙංගරාරු ප්‍රදේශයේ සෞඛ්‍ය සේවකයෙක්.

    Latest News