දෙවැනි ලෝක යුද සමයට අයත් බෝම්බයක් ජර්මනියේදී පුපුරා යයි...

දෙසැ 02, 2021

    දෙවැනි ලෝක යුද සමයට අයත්යැයි සැලකෙන බෝම්බයක් ජර්මනියේ මියුනික් නගරයේ වැඩ බිමකදී පුපුරා ගොස් තිබෙනවා.

    පිපිරීමෙන් සිව්දෙනෙකු තුවාල ලැබුවා. එක් අයෙකුගේ තත්වය බරපතලයි. ජර්මනියේ ඩෝනර්ස්බර්ග් පාලම අසළ පිහිටි දුම්රිය මාර්ගයක ඉදිකිරීම් කටයුතු සිදු කරන අතරතුරු වැළලී තිබූ කි.ග්‍රැ. 250 කින් යුත් බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.

    දෙවැනි ලෝක යුද සමයේදී බ්‍රිතාන්‍ය හා අමෙරිකානු හමුදාවන් විසින් උඩු ගුවනේ සිට අත්හරින ලද බෝම්බ පසුකාලීනව ජර්මනියෙන් හමුවීම සුලබයි. කෙසේ වෙතත්, මෙලෙස හමුවන බෝම්බ පිපිරීමට පෙර නිශ්ක්‍රීය කිරීමට බලධාරින් පියවර ගනු ලබනවා.

    2017 වර්ෂයේදී  ටොන් 1.4 ක බරකින් යුත් බෝම්බයක් හමුවීමෙන් ෆ්‍රැන්ක්ෆර්ට් හි 70,000 ක පමණ පුද්ගලයින් පිරිසක් නිවෙස් අතහැර ගොස් තිබුණා.

    Latest News