තලෙයිබාන් සංවිධානය කාබුල් අල්ලා ගැනීමේ දැඩි මෙහෙයුමක

අගෝ 14, 2021

    තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අල්ලා ගැනීමේ මෙහෙයුම් දැඩි කර තිබේ.

    පලායන සිවිල් වැසියන් සඳහා දේශ සීමා විවෘත කරන ලෙසයි,එක්සත් ජාතීන්ගේ සංවිධානය අසල්වැසි රටවලින් ඉල්ලා තිබෙන්නේ.

    තලෙයිබාන් ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් දැඩි පීඩනයට ලක්ව සිටියි. මේ නිසා පලායන සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.
    ඇෆ්ගනිස්ථානයේ දැඩි ආහාර හිඟයක් ද පවතින බව ලෝක ආහාර සංවිධානය පවසයි. 

    ඇෆ්ගනිස්ථානයේ විශාලතම නගරය වන කන්දහාර් අත්පත් කර ගැනීමෙන් පසු ලාෂ්කාරඝා නගරය ද නතු කර ගැනීමේ මෙහෙයුම් එම සංවිධානය ක්‍රියාත්මක කර තිබේ.

    Latest News