භූකම්පනයත් සමග හයිටි රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීම්

අගෝ 15, 2021

    බටහිර හයිටි හි රිච්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුවීමත් සමඟ හයිටි රාජ්‍යයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

    මෙම භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් 304කට ආසන්න පිරිසක් මිය යන්නට ඇති අතර තුවාල ලැබූ පිරිස 1,800ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    හයිටි හි පිහිටි Port-au-Prince වරායේ සිට කිලෝමීටර් 08ක් දුරින් පිහිටි මුහුදේ කිලෝමීටර් 10ක් ගැඹුරින් මෙම භූමිකම්පාව සිදුව ඇති බවයි, අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි.

    සුනාමි රළ පහර අඩි 3-9 දක්වා උසකින් හයිටි රාජ්‍යයේ වෙරළ කලාපයන් වෙත ඇදී එනු ඇති බවයි අමෙරිකානු පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

    මිට වසර 11කට පෙර පුද්ගලයින් ලක්ෂ 02 කට ආසන්න පිරිසකට මරු කැඳවමින් සිදුවූ රිච්ටර් මාපකයේ ඒකක 7.0 අගයකින් යුත් භූමිකම්පාවක් හයිටි රාජ්‍යයෙන් වාර්තා විය.

    Last modified on ඉරිදා, 15 අගෝස්තු 2021 09:25

    Latest News