ඉතියෝපියාවේ ජනපති පුටුවට පළමුවරට කාන්තාවක්

ඔක් 26, 2018

    ඉතියෝපියාවේ ප්‍රථම වරට කාන්තාවක් ජනාධිපති ධුරයට පත්විය. 
     සාලේ මර්ක් සූඩේ මහත්මිය ඉයේ එම ධුරයේ දිවුරුම් දුන්නේ, එරට පාර්ලිමේන්තුවේදී.  ඇය අප්‍රිකාවේ දැනට සිටින එකම රාජ්‍ය නායිකාවයි.  සාලේ මර්ක් සූඩේ මහත්මිය අත්දැකීම් සපිරි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිනියක්.  
    සිය ධුරයේ දිවුරුම් දෙමින් ඇය ප්‍රකාශ කළේ,  ඉතියෝපියාවේ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටන බවත්, ඒ වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවයි.
    ජනාධිපතිධුරයේ දිවුරුම් දෙමින් පාර්ලිමේන්තුවේ සියලුදෙනාගෙන් ජනාධිපතිනිය ඉල්ලා සිටියේ, ඉතියෝපියාවේ සාමය ඇති කිරීමට ක්‍රියා කරන ලෙසයි.  ඉතියෝපියානු ජනාධිපතිධුරය නාමමාත්‍රික තනතුරක් වන අතර, රටේ පාලන බලය අගමැතිවරයා සතුයි.

    Latest News