හිමාලයේ අයිස් දියවන ලකුණු

පෙබ 05, 2019

    කාලගුණික විපර්යාස හේතුවෙන් හිමාල කඳුවැටියේ අයිස් තට්ටු දියව යන ලකුණු පවතින බව, වාර්තා වෙයි.

    වායු දූෂණය හා කාබන්ඩයොක්සයිඩ් විමෝචනය මේ සඳහා බලපාන ප්‍රධාන හේතූන් බවයි, වාර්තා වන්නේ. මෙම සියවස අවසන් වීමට පෙර හිමාල කදුවැටිය වසා ගත් ග්ලැසියර හෙවත් හිම තට්ටුවෙන් තුනෙන් දෙකක් හෝ දියවනු ඇතැයි විද්‍යාඥයින් අනතුරු අඟවයි. පර්යේෂකයන් 210 දෙනෙකු මගින් සකස් කළ වාර්තාවකට අනූව එම අයිස් තට්ටු දියවීමේ නවතම තොරතුරු අනාවරණය විය.

    පැරිස් සම්මුතිය අනූව මේ සියවස අවසානයේ මිහිතලය උණුසුම් වීම සෙන්ටිග්‍රේඩ් අංශක 1.5කට සීමා කළ ද, එම තත්වය උදා විය හැකි බවයි ඒකාබද්ධ ජාත්‍යන්තර මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. මෙම තත්වය ඉන්දියාවේ හා චීනයේ ගොවි බිම් අවදානමට පත් කළ හැකි බව වාර්තා වෙයි.

    Latest News