සිවිල් යුද තර්ජනයක් අබියස

පෙබ 05, 2019

    වෙනිසියුලාව සිවිල් යුද තර්ජනවක අබියස බව එරට ජනාධිපති නිකොලස් මදුරෝ ප්‍රකාශ කරයි.

    විපක්ෂ නායක ජුවාන් ගුවයින්ඩෝ එය ප්‍රතික්ෂේප කරන බවයි, වාර්තා වන්නේ. විපක්ෂ නායක ගුවයිඩෝ, තමා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කිරීමත් සමග ඇතිවූ වෙනිසියුලානු දේශපාලන අර්බුදය, මේ වන විට උණුසුම් අදියරකට පැමිණ තිබේ. ජනාධිපති මදුරෝට ඉල්ලා අස්වෙන ලෙසට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි පීඩනයක් එල්ල කරන්නේ මෙවැනි වාතාවරණයක් තුලයි.

    මේ අතර නව මැතිවරණයක් කැදවන ලෙස ලබා දී තිබූ කාලය ඉකුත්වීමත් සමග වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස විපක්ෂ නායක ජුවාන් ගුවයිඩෝව පිළිගන්නා බව එක්සත් රාජධානිය, ස්පාඤ්ඤ, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, ස්වීඩනය, ඩෙන්මාර්කය යන යුරෝපානු රටවල් ඊයේ නිල වශයෙන් නිවේදනය කළේය. රුසියානු ජනාධිපතිවරයා මදුරෝට තවමත් සහය පළ කරන බවයි, වාර්තා වන්නේ. වෙනිසියුලාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම රුසියාව විවේචනය කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 09:41

    Latest News