බ්‍රිතාන්‍යයේ විභාග සියල්ල අවලංගුයි

ජන 07, 2021

    බ්‍රිතාන්‍යයේ කොරෝනා වසංගතය දැඩි අවධානම් තත්වයකට පත්වෙමින් පවතියි. ගතවූ පැය 24 දී එරට වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 1041ක්.

    නව මරණ සංඛ්‍යාවත් සමග බ්‍රිතාන්‍යයෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආශ්‍රිත මරණ සංඛ්‍යාව 77000 ඉක්මවයි. ගතවූ පැය 24 දී පමණක් එරටින් නව කොරෝනා ආසාදිතයින් 62,322ක් වාර්තා විය. ‍

    සමස්ත ආසාදිතයන් 28 ලක්ෂ 36000 ඉක්මවා තිබුණත්, බ්‍රිතාන්‍යය අඟුලු දැමීමේ හා සංචාරණ සීමා කෙමෙන් ලිහිල් කරමින් පවතියි.

    එරට පැවැත්වීමට නියමිතව තිබූ විභාග අවලංගු කරන බව අධ්‍යාපන ලේකම් ගේවින් විලියම්සන් ඊයේ ප්‍රකාශ ‍කළේය.

    ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන අමෙරිකාවෙන් ඊයේ නව කොරෝනා ආශ්‍රිත මරණ 4100ක් වාර්තා විය. එරට සමස්ත මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ 69,000 ඉක්මවා ඇති අතර සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ද දෙකෝටි 18 ලක්ෂ 57,000 ඉක්මවා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 ජනවාරි 2021 10:27

    Latest News