විදේශිකයින් 3ක් හා රියදුරුට මරු කැඳවමින් අනතුරක් (වීඩියෝ)

දෙසැ 24, 2019
  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් විදේශිකයින් තිදෙනෙක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.අනතුර සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී 7.00ට පමණ.

    ගාල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ කන්ටේනර් රථයේ පිටුපස ගැටීමෙන් අනතුරට ලක්ව තිබේ. විදේශිකයින් ඉන්දියාවේ සිට මෙරට සංචාරයක නිරත වූ එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බවයි, අනාවරණය වී ඇත්තේ

    මියගිය පුද්ගලයින් අතර 44 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවක්, ඇයගේ 18 හැවිරිදි පුතු සහ ඥාතියෙකු සිටින අතර අනතුරෙන් තුවාල ලැබු ඇයගේ ස්වාමි පුරුෂයා සහ දස හැවිරිදි දියණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

    මියගිය වෑන් රථයේ රියදුරු 52 හැවිරිදි වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලිස් ඒකකය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 24 දෙසැම්බර් 2019 19:06

    Latest News