පවුල් පාලනයකින් තොර පාලන තන්ත්‍රයක් ඇති කරනවා; අනුර කුමාර (වීඩියෝ)

සැප් 29, 2019

    මෙවර ජනාධිපතිවරණයෙන් පසු පවුල් පාලනයකින් තොර විධිමත් පාලන තන්ත්‍රයක් පාර්ලිමේන්තුව තුළත් පළාත් සභා ඇතුළු අනෙකුත් ආයතන තුළත් ඇති කිරීම තම අරමුණ බව ජාතික ජන බලවේගය ජනාධිපතිධූර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ මාතර ඊයේ පැවති ජන හමුවකදී. මෙවර ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළත් ජනබලවේගය ඉදිරිපත් කරන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ජනහමුව සංවිධාන කර තිබිණ. එය පැවැත්වුණේ මාතර රවීන්ද්‍රනාත් තාගෝර් සම්මන්ත්‍රණ ශාලාවේදී. ඒ අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 19:58

    Latest News