කවරදාටත් වඩා අදහස් පළකිරීමේ නිදහසක් වත්මන් රජයෙන් ලබාදුන්නා; අගමැති (වීඩියෝ)

සැප් 29, 2019

    ඉතිහාසයේ කිසිදු රජයක් ලබා නොදුන් ආකාරයේ අදහස් පළ කිරීමේ නිදහසක්, වත්මන් රජය ජනතාවට ලබාදී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ස්ථාපිත වීමත් සමඟ සුදු වෑන් සංස්කෘතිය ද රටින් තුරන් වූ බව අරලියගහ මන්දිරයේ අද (29) පැවති සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    “අපි අපේක්‍ෂකයා හැටියට අපේ පක්‍ෂ යේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරනවා. එතනදි අපි බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු ඡන්දය ජයග්‍රහණය කරන්න. බහුතරයක් ලබාගන්න. සුලුතරයකට කරන්න බැරිවුණ වැඩ කටයුතු බහුතරයක් හැටියට ආණ්ඩුවේ කරන්න. මේ නිදහස ආරක්ෂා කරන්න. කොච්චර බැන්නත්, මොන තරම් අඩුපාඩු තිබුණත්, මතක තියාගන්න නිදහස තියෙන එක පෙන්වන්න. අපිට දොස් කියන්න නිදහස තියෙනවා. තමන්ගේ නිදහස. අපි ඒක අරගෙන නැහැ. මේ රටේ සියලු දෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට අපි පිළිගන්නවා. මේවා අපි ආරක්ෂා කරන්නේ නැද්ද? මොකක්ද විකල්පේ. ආපහු සුදු වෑන් ගේන්න ද? අපි ඔක්කොම එකතු වෙලා මේ සැරේ අපේ අපේක්‍ෂකයව ජයග්‍රහණය කරන්න අපි ක්‍රියා කරමු කියලා. මේක අපේක්‍ෂකයගේ ජයග්‍රහණයටත්, පෙරමුණේ ජයග්‍රහණයක් හැටියට හිතන්න එපා. මේක තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරලා, ඒ වැඩ කොටස අවසන් කරන්න අපේ සටනේ පළමු පියවර හැටියට ක්‍රියා කරමු කියලා මම ප්‍රකාශ කරනවා“ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2019 20:00

    Latest News