උතුරු දුම්රියේ සංචාරකයන්ට විශේෂ වට්ටමක්

මැයි 17, 2019

    උතුරු ප්‍රදේශයේ දුම්රියෙන් සංචාරයේ යෙදෙන විදේශිකයන්ට ලබන 24 වැනිදා සිට දුම්රිය ගාස්තුවෙන් 50%ක වට්ටමක් ලබාදෙන බව, පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා පවසයි.

    එම පහසුක හිමිවන්නේ, සිව් දෙනෙකු හෝ ඊට වැඩි විදෙස් සංචාරක කණ්ඩායම් සඳහායි. යාපනයේ සංචාරක හෝටල් බොහොමයක ගාස්තු ද 50%කින් පමණ පහළ දමා තිබේ. මාස 2ක පමණ කාලයක් මෙම සහනය ලබාදීමට පියවර ගෙන ඇති බව, උතුරු පළාත් ආණ්ඩුකාර උප කාර්යාලය නිකුත් කළ නිවේදනයක සදහන්. ඉදිරි කාලය තුළ සංචාරක ආකර්ශනය දිනා ගැනීමේ වැඩසටහන් රැසක් ද සංවිධාන කර තිබේ.

    Last modified on සිකුරාදා, 17 මැයි 2019 11:42

    Latest News