අපි ස්වේච්ඡාවෙන් වැරදි පිළිගෙන වැරදි හදාගන්න ඕන...

අප්‍රේ 24, 2019

    එකතුවෙලා, එකට ශක්තිමත් වෙලා.සියලු දෙනාගෙ ශක්තියෙන් ගොඩ එන්න ඕන.අපි ස්වේච්ඡාවෙන් වැරදි පිළිගෙන, අපි වැරදි හදාගන්න ඕන.

    අපෙන් ප්‍රයෝජන ගන්න.අපිට තනතුරු ගන්න ඕන නෑ.අපි වැඩ කරන්න ලැස්තියි.රට ගොඩගමු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මුළු රටම කම්පාවන ඛේදවාචකයක් සිදු වුණා.අද කතා කරන්නේ රට වෙනුවෙන්,ආණ්ඩුව පත්තේ ඉදලා නොවේ. ආණ්ඩුව හෝ පුද්ගල ආරක්ෂාව නොවේ රට ගැන කතා කරන්න අවශ්‍ය දෙයක්. අප අවුරුදු 32ක් දුක් වින්ද රට බේරා ගත්තා. මේ ත්‍රස්තවාදය පටන් ගෙන තිබෙනවා. මේ ත්‍රස්තවාදය අරමුණු වෙනස්. මේ ත්‍රස්තවාදය දරුණු විසබීජයක්. ජනතාවගේ ජීවිත අවිනිශ්චිතයි. මේ තත්ත්වය එකතුවෙලා එකට ශක්තිමත් වෙලා. සියලු දෙනාගෙ ශක්තියෙන් ගොඩ එන්න ඕන.

    යුද්ධය ඉවර වුණාට පස්සේ අපි හරි මාර්ගයක ගියෙ නෑ.අපිට වගකීමෙන් ගැළවෙන්න බෑ. පසුගිය දා සිදුවීම විදෙස් බුද්ධි අංශ වාර්තා කර තිබුණා.අද ඇති වූ තත්ත්වයට පසුගිය වසර දහයෙම රජයන් වගකියන්න ඕන. අපි ස්වේච්ඡාවෙන් වැරදි පිළිගෙන අපි වැරදි හදාගන්න ඕන. මේවාට සුදුසුකම් සහිත මිනිසුන් දාලා තිබුණ ද? ප්‍රශ්න තිබෙනවා, අඩුපාඩුකම් තිබෙනවා. සුදුස්සන් සුදුසු තැන්වලට දාන්න ඕන.අපිට ජන ජීවිතයක් නැති වෙනවා. අපෙන් ප්‍රයෝජන ගන්න. අපිට තනතුරු ගන්න ඕන නෑ. අපි වැඩ කරන්න ලැස්තියි. රට ගොඩගමු. ජනතවගේ ආරක්ෂාව අවශ්‍ය නොවෙයි නම් රට මේ විදියට යන්න දෙමු යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

    Last modified on බදාදා, 24 අප්‍රේල් 2019 13:29

    Latest News