තවත් දිස්ත්‍රික්ක කිහිපයකට අද සිට ආනයනික බිත්තර

ජූලි 31, 2023

    මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සතොස වෙළෙඳසල්වලට ආනයනික බිත්තර බෙදාහැරීම අද ආරම්භ කෙරුණා.

    රුපියල් 35.00 ක මිලකට පාරිභෝගිකයන්ට සතොස මගින් බිත්තර මිලදී ගත හැකියි.

    ඉන්දියාවෙන් ආනයනය කෙරුණු බිත්තර ප්‍රථමයෙන් කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල සතොස අළෙවිසැල් වෙත බෙදා හැරුණා. සෙසු දිස්ත්‍රික්කවලට ආනයනික බිත්තර බෙදාහැරීම ආරම්භ කර ඇති බවයි සතොස පවසන්නේ. පාරිභෝගිකයන්ගේ බිත්තර අවශ්‍යතාව සපුරාලීම සදහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණා. දැනටමත් සතොස මගින් බිත්තර ලක්ෂ 17 කට අධික ප්‍රමාණයක් අලෙවි කර තිබෙනවා. ඉදිරියේදී සියලු සතොස අළෙවිසැල්වලට බිත්තර බෙදාහැරීමට නියමිතයි. අවම මිල ගණන් යටතේ බිත්තර මිලදී ගැනීමට හැකිවීම පිළිබදව පාරිභෝගිකයන් අදහස් පළ කළා.

    සතොස සභාපති පසඳයාපා අබේවර්ධන මහතා පවසන්නේ, ප්‍රමාණවත් තරම් බිත්තර තොග පවතින බැවින් පාරිභෝගික අවශ්‍යතාව සපුරාලීමට පියවර ගන්නා බවයි.

    Latest News