උඩවලව රක්ෂිතයේ විනාශයත් අත ළඟ

ජූලි 27, 2023

    තණමල්විල, නිකවැව,බෝදාගම සහ කිවුල්ආර යන ග්‍රාම නිලධාරී වසම්වලට අයත් උඩවළව රක්ෂිතයේ අවසන් මායිම ආසන්නයේ මේ දිනවල විශාල පරිසර විනාශයක් සිදු වෙමින් පවතින බව අප වාර්තාකරු පවසනවා.

    කිසියම් පිරිසක් විසින් රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක සහ තෘණ භූමිය යන්ත්‍ර සූත්‍ර මගින් කපා ගිනි තබා විනාශ කර ඇති අතර විශාල වලවල් ද කපා තිබෙනවා.

    රක්ෂිතය මෙලෙස එළිපෙහෙළි කිරීමෙන් වනඅලින්ට ද රැදී සිටීම ස්ථානයන් අහිමිව ඇති අතර එම නිසා වනඅලි මෙන්ම වනසතුන් ද විශාල වශයෙන් පීඩාවට පත් වී තිබෙනවා.

    අධික වියදමක් දරා ප්‍රදේශය හරහා ඉදිකල විදුලි වැට සම්පූර්ණයෙන්ම ගළවාගෙන ගොස් ඇති අතර එම විදුලි වැටෙහි දැනට පවතින්නේ විදුලිය ලබා දීමට ඉදිකල විදුලි කුටිය පමණයි.

    මෙම දැවැන්ත පරිසර විනාශය කඩිනමින් නවතා දැමීමට කටයුතු කරන ලෙස ප්‍රදේශයේ ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.

    Latest News