තායි - ශ්‍රී ලංකා අලුත් වූ නෑකම්

ජූලි 10, 2023

    ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර, අඩු වියදම් සෘජු ගුවන් සේවාවක් ඊයේ සිට (ජුලි 09) ආරම්භ කෙරුණා. 'එයාර් ඒෂියා' ගුවන් සේවය මගින් මෙම සේවය ක්‍රියාත්මකයි.

    නව ගුවන් සේවය ආරම්භ කරමින් ඊයේ රාත්‍රී 10.10 ට පමණ ඒ-320 ඒයාර් බස් වර්ගයේ යානයක් කටුනායක ජාත්යනන්තර ගුවන් තොටුපොළට පැමිණියා.

    ඒ, මගීන් 134 දෙනෙකු සමගින්. මෙම සේවය සතියකට ගුවන් ගමන් වාර 4 ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
    තායිලන්තයේ දොන් මුවාන් ගුවන් තොටුපොළේ සිට කටුනායකට ගුවන් කාලය පැය 3 යි විනාඩි 15 ක්.

    ගමනාන්ත අතර, සම්පූර්ණ සෘජු ගුවන් ගමනක් සඳහා වැය වන්නේ රුපියල් පනස්දහසක් බවයි එයාර් ඒෂියා ගුවන් සේවය පවසන්නේ.

    Latest News