අරලගංවිල කැළඹූ අලි රංචුව (වීඩියෝ)

මැයි 07, 2023
  • අලි - මිනිස් ගැටුම තවමත් නොවිසඳුනු ගැටලුවක්.

    මේ නිසා දෙපාර්ශ්වයම දැඩි අර්බුදයකට මුහුණදී සිටින්නේ දීර්ඝ කාලයක සිටයි. වන අලින් ගම් වැදීම නිසා ඊයේ දිනයේත් පිරිසක් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටියා.

    පසුගිය දා අරලගංවිල නගරය ආසන්නයේ 25 දෙනෙකුගෙන් පමණ සමන්විත අලි රංචුවක් දැකගත හැකි වුනා. එම රංචුව මාදුරු ඔය රක්ෂිත භූමියට පළවාහැරීමට වේරගල වනජීවී නිලධාරින් කටයුතු කළා. ප්‍රදේශවාසීන් පවසන්නේ,  වන අලින් මේ වන විට නිරන්තරයෙන් ගම්වදිමින් සිටින බවයි. එය ඔවුන්ගේ ජීවිත ආරක්ෂාවට මෙන්ම ගොවිතැන් කටයුතුවලට ද දැඩි තර්ජනයක්. මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව විවිද මිනිස් ක්‍රියාකාරකම් සිදුවන බවට වාර්තාවනවා. එම නිසා ආහාර හිඟවීම හේතුවෙන් වන අලින් ආහාර සොයා ගම්වදිමින් සිටිනවා. දිඹුලාගල ආරණ්‍ය සේනාසන භූමිය ආශ්‍රිතව ද වන අලි තර්ජන මේ වන විට ඉහළ ගොස් අති බව වන ජීවී නිලධාරින් පවසනව. මිනිස් ක්‍රියාකාරකම් හමුවේ වන අලින් ගම්වැදීම පාලනය කළ නොහැකි තත්වයකට පත්ව ඇති ගැටළුවක්. එහෙත් විධිමත් විසඳුමක අවශ්‍යතාව දැඩිව පවතිනවා.

    Latest News