කොටවෙහෙර ගම්මානයේ ගොවීන්ට එළවළු බීජ...(වීඩියෝ)

නොවැ 21, 2022
  • අම්පාර, කොටවෙහෙර ගම්මානයේ ගොවීන්ට අද එළවළු බීජ බෙදාදුන්නා.

     ඒ, අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින්. වී වගාවට පමණක් නොව, ගොවීන් එළවළු වගාවට ද නැඹුරු කිරීමේ අරමු‍ණෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන යටතේ එම බීජ බෙදාදීමට පියවර ගත් බවයි, අම්පාර දිස්ත්‍රික් ලේකම් ජේ.එම්.ඒ. ඩග්ලස් මහතා පවසන්නේ. දිස්ත්‍රික්යේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ක අද මෙම බීජ බෙදාදීමේ වැඩසටහන ආරම්භ කෙරුණා. මෙවර මහ කන්නයේදී දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 89,000 ක් මේ වන විට අස්වද්දා තිබෙනවා.

    Last modified on සදුදා, 21 නොවැම්බර් 2022 19:23

    Latest News