තිරිඟු පිටි නිෂ්පාදන සමාගම්වලට ඇමතිගෙන් දැනුම්දීමක්

සැප් 05, 2022

    තිරිඟු පිටි නිෂ්පාදනය කරන සමාගම් දෙක, ඒවා නියමිත ධාරිතාවට අනුව නිෂ්පාදනය කළ යුතු බව, අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ‍

    එමෙන්ම, වෙළෙඳපොළට නිකුත් කරන පිටි මිල පාලනය කිරීමටත්, එසේ නොකරන්නේ නම්, ඊට විරුද්ධව ක්‍රියා කිරීමට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත්, ඔහු කියා සිටියා. මේ පිළිබඳ අවසන් සාකච්ඡා සිදු කරන බවයි, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

    පාරිභෝගිකයක් ආහාර මිලදී ගැනීමට පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව, ආපන ශාලා හිමියන් පවසනවා. නිෂ්පාදනවල මිල අධික වීම ඊට හේතුව බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

    Latest News