ගෑස් සිලින්ඩරයක මිල රු 113කින් පහළට

සැප් 05, 2022

    අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට අදාළ නව මිල ගණන් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රු.113කින් අඩු කර ඇති අතර නව මිල වන්නේ රුපියල් 4,551ක්.

    කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 45කින් අඩු කර ඇති අතර නව මිල ලෙස සටහන් වන්නේ රු. 1,827ක් ලෙසයි.

    මේ අතර කිලෝග්‍රෑම් 2.5 වර්ගයේ ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් අඩු කර ඇති අතර නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 848ක් ලෙසයි.

    සෑම මසකම 05 වැනිදා සිදුකරනු ලබන මිල සුත්‍රය අනුව මෙම නව මිල ගණන් ක්‍රියාත්මක බවයි, ලිට්රෝ සමාගම සඳහන් කර සිටින්නේ.

    Latest News