මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ...

ජූලි 27, 2022

    හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන මස 2 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කළා.

    ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රලාල් ජයරත්න මහතා ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම, යළි සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය ලබා දුන්නා. එමෙන්ම, අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන මහත්වරුන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම ද ‍ලබන 2 වැනිදා දක්වා දීර්ඝ කරන බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

    එමෙන්ම, හිටපු ජනාධිති ගෝඨාභය ‍රාජපක්ෂ් මහතා වගඋත්තරකරුවෙකු වශයෙන් පෞද්ගලික මට්ටමෙන් නම් කිරීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය, ලබන මස පළමුවැනිදා පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරයාට නොතීසි යවන ලෙසත්, පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළා.

    Latest News