මෙවර යල කන්නයේ වී මෙට්‍රින් ටොන් 100,000ක් මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලය සූදානමින්...

ජූලි 27, 2022

    ‍‍වී අලෙවි මණ්ඩලය මෙවර යල කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂයක් මිලදී ගැනීමට සැලසුම් කර තිබෙනවා.

    ඊට රුපියල් මිලියන 10,500 ක මුදලක් වැය කිරීමට නියමිතයි.  මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබන සතියේ ලබා ගැනීමට කටයුතු යොදා ඇති බවයි, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ. යල කන්නයේ වී අස්වනු නෙළීම දිවයිනේ විවිධ ප්‍රදේශවල මේ වන විට ආරම්භ වී තිබෙනවා.

    වී මිලදී ගැනීමේ දී ගොවි ජනතාවට සාධාරණ මිලක් ගෙවීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, කිලෝ ග්‍රෑම් එකක් සඳහා වන මිල තීරණය කිරීමේ දී හෙක්ටයාරයක වී වගාවක් සඳහා වැය වන මුදල කොපමණදැයි සොයා බලා ‍වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි, අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ.

    වී අලෙවි මණ්ඩලය මිලදී ගන්නා වී කිලෝවක මිල ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ඇති වී තොග සහල් බවට පත් කර, වෙළඳපොළට යැවීමේ වැඩපිළිවෙළඳ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. මේ වන විට මාසිකව වී මෙට්‍රික් ටොන් 5,000 බැගින් සහල් වශයෙන් සකස් කොට වෙළඳපොළට නිකුත් කෙරෙනවා.

    Latest News