නව ජනපති දිවුරුම් දෙයි (වීඩියෝ)

ජූලි 21, 2022
  • රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (21) උදෑසන දිවුරුම් දෙනු ලැබුවා.



    නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම වෙනුවෙන් චාම් උත්සවයක් සංවිධාන කර තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට දී පිලිගනු ලැබුවේ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින්.
    නව ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිරිනැමුණා.

    අනතුරුව, පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණි ජනාධිපතිවරයා, දිවුරුම් දීම සිදු කරනු ලැබුවේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී.

    තමා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සභාගර්භයෙන් පිට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ සිදු කිරීමට අවසර ලබාදෙන ලෙස අද රනිල් වික්‍රමසිංහ ඊයේ (20) කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා.

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාපත් පත්කරගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඡන්ද 134 ක් ලබා ගනිමින් ජය ගැනීමට රනිල් වික්‍රමසිංහ සමත් වුණා.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 ජූලි 2022 11:13

    Latest News