ජ.වි.පෙ. උද්ඝෝෂණයේ උණුසුම් තත්වයක්...

මාර් 18, 2022

    ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණා.

    උද්ඝෝෂණකරුවන් පා ගමනින් පැමිණ ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළුවීමට උත්සාහ දැරීමේදී උණුසුම් තත්වයක් ද ඇතිවුණා. උද්ගෝෂකයින් මරදාන කාර්මික විද්‍යාලය අසල සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණියා. පවතින ආර්ථික ගැටළු ඇතුළු කරුණු ගණනාවකට විසඳුම් ඉල්ලමින් උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා.

    මේ නිසා කොටුව, මරදාන ඇතුළු අවට ප්‍රදේශ රැසක දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබුණා. උද්ඝෝෂකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුලුවීමට උත්සාහ දැරූ අවස්ථාවේදී, පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එය ව්‍යාර්ථ කළා. අනතුරුව ටික වේලාවක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි උද්ඝෝෂකයින් පසුව විසිර ගියා.

    Latest News