'ඔබට ගෙයක් - රටට හෙටක්' නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩි කෙරේ

ජන 25, 2022

    'ඔබට ගෙයක් - රටට හෙටක්' නිවාස වැඩසටහනේ ආධාර මුදල වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. යෝජනාව ඉදිරිපත් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.

    තාවකාලික නිවාසවල පදිංචි අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

    ව්‍යාපෘතිය 2020 වසරේ දී ආරම්භ කිරීමෙන් පසු ඉදිකිරීම් ද්‍රව්‍යවල මිල විශාල ලෙස ඉහළ ගියේය. ඒ හේතුවෙන්, රුපියල් හය ලක්ෂයක ආධාර මුදලින් අපේක්ෂිත පරිදි අංග සම්පූර්ණ නිවසක් ඉදිකිරීමට අපහසු වී තිබේ.

    එබැවින් මේ වසරේ සිට තෝරාගනු ලබන ප්‍රතිලාභී පවුල් සඳහා එම වැඩසටහන යටතේ ගෙවනු ලබන ආධාර මුදල රුපියල් 6 ලක්ෂ 50,000 දක්වා ඉහළ නැංවෙනු ඇති.

    Latest News