පාසල්වලට ගුරුවරුන්ගේ සහ සිසු සිසුවියන්ගේ පැමිණිම ඉහළ මට්ටමක

ඔක් 26, 2021

    අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි (25) දින සිට ආරම්භ කළ ප්‍රාථමික අංශයේ පාසල්වලට ගුරුවරුන් සහ සිසු සිසුවියන්ගේ පැමිණිම (26) දින ඉතා ඉහළ මට්ටමක පවතින බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරින් පවසයි.

    පාසලට පැමිණි ප්‍රාථමික අංශයේ සියළුම සිසු සිසුවියන් සෞඛ්‍ය උපදෙස් අනුව පාසල්වලට ඇතුලත් කර ගනිමින් ඔහුන්ට ඉගැන්විම් කටයුතු සිදු කරන බවයි, විදුහල්පතිවරුන් කියා සිටියේ.

    පාසල්වල සෙසු පන්තිවලද ඉගැන්විම් කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා පාසල් සුදානම් බව හැටන් කලාප අධ්‍යාපන කාර්යාල බල ප්‍රදේශයේ විදුහල්පතිවරුන් වැඩිදුරටත් පැවසිය.

    Latest News