මංගල උත්සව සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කෙරේ

ඔක් 26, 2021

    කොවිඩ් වසංගතය හේතුවෙන් විවාහ මංගල උත්සව ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.

    ඒ අනුව විවාහ මංගල උත්සව ශාලාවන්හි අමුත්තන් 100 දෙනෙකුට සහභාගිවීමට අවසර හිමි වෙයි. එම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනූව එළිමහන් මංගල උත්සව අමුත්තන් 150ක උපරිමයකට යටත්ව පැවැත්වීමට අවසර හිමිවෙයි.

    කෙසේ වෙතත් විවාහ මංගල උත්සවවලදී මත්පැන් භාවිතා කිරිමට තවදුරටත් අවසර හිමි නොවනු ඇති.

    මේ අතර ආපන ශාලා තුළ එකවර උපරිම වශයෙන් පුද්ගලයින් 75 දෙනෙකුට ආහාර ගැනීම සඳහා අවසර හිමිව ඇති අතර එළිමහන් උත්සව සඳහා සහභාගිවිය හැකි උපරිම සංඛ්‍යාව පුද්ගලයින් 100ක් දක්වා වැඩි කර ඇත.

    එමෙන්ම කාර්යාල රැස්වීම් සඳහා අවසර හිමිවන්නේ අදාළ ශාලාවේ ඉඩ ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයකට වන අතර එය උපරිමය පුද්ගලයින් 150කට සීමා කර ඇත.

    12a3b27eca62b120e88b13207dd4d7c2

    Last modified on අඟහරුවාදා, 26 ඔක්තෝබර් 2021 10:46

    Latest News