මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වටලයි

අගෝ 30, 2021

    වැල්ලවාය රණ්දෙනිගොඩයාය ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

    යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ ඌව කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර ඇත.

    වැටලීම සිදු කරන අවස්ථාවේ දී අලෙවි කිරීම සදහා සුදානම් කර තිබූ මත්පැන් තොගයක් සහ ගෝඩා මිලිලීටර් දෙලක්ෂ පනස් අට දහසක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

    අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර සැකකරු ඇදිරි නීති සමයේ වැඩි මිලට අලෙවි කිරීමෙ අරමුණින් මෙම මත්පැන් නිෂ්පාදනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

    සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර කුඩාඔය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ යුද හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.

    Latest News