අමෙරිකානු සෙබළුන් ඉරාකයෙන් ඉවත් කිරීමට සූදානමක්

ජූලි 27, 2021

    මේ වසර අවසන් වන විට ඉරාකයේ රැඳී සිටින සියලුම අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගන්නා බව ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරයි.

    ඔහු මේ බව සඳහන් කළේ ඉරාක අගමැති මුස්තාෆා අල් කදීම් සමග පැවති සාකච්ජාවක දී. අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉරාක අගමැතිවරයා අතර සාකච්ජාව පැවැත්වුණේ වොෂින්ටනයේදී.

    ධවල මන්දිරයේ දී ඉරාක අගමැතිවරයාට කරුණු පැහැදිලි කළ ජනාධිපති බයිඩන් කියා සිටියේ ඉරාකයේ ත්‍රස්තවාදය පිටු දැකීමේ ක්‍රියාවලියට අමෙරිකාව දිගටම සහය දක්වන බවයි.

    එහෙත් සංග්‍රාමික හමුදා තවදුරටත් ඉරාකයේ රඳවා තැබීමට ඉඩක් නැති බව ජනාධිපති බයිඩන් ප්‍රකාශ කළේය. දැනට අමෙරිකානු සෙබළුන් 2,500කට අධික සංඛ්‍යාවක් ඉරාකයේ මෙහෙයුම්වල යොදවා තිබේ.

    Last modified on අඟහරුවාදා, 27 ජූලි 2021 12:23

    Latest News