දෙහිවල සත්ව උද්‍යානයේ කොවිඩ් වැළඳුනු සිංහයා සුව අතට (වීඩියෝ)

ජූනි 19, 2021
  • කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග සුරතල් සතුන්ගෙන් මිනිසුන්ට කොරෝන වෛරසය ආසාදනය නොවන බව ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංවිධානයේ සභාපති වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    වෛද්‍ය ඵරන්දික ගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් මෙම අදහස් පළකර සිටියේය.

    දෙහිවල සත්ව උද්‍යානයේ සිංහයෙකුට කොරොනා වෛරසය ආසාදනය වීමත් සමග සතුන්ගෙන් කොරෝනා වෛරසය ආසාදනය වන බව මිනිසුන් අතර දුර්මතයක් ප්‍රචලිත වන බවත් එය අසත්‍යක් බව ඔහු කියා සිටියි.

    යම්කිසි පුද්ගලයෙක් කොරෝනා ආසාදනය වූ හොත් ඒ පුද්ගලයා හරහා සුරතල් සතුන්ට කොරෝනා ආසාදනය වීමේ හැකියාවක් ඇති බවයි, ඔහු කියා සිටින්නේ.

    විදේශ රටවල සිට මෙරටට ගෙන එන සුරතල් සතුන් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ විශේෂ පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ලබාදීම සිදුකරන බවයි, ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ.

    Last modified on සෙනසුරාදා, 19 ජූනි 2021 20:19

    Latest News