පූජ්‍ය අතුරලියේ රතන හිමි දිවුරුම් දෙති

ජන 05, 2021

    update - පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුනි.

    පසුගිය මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය විසින් හිමිකර ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමිගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් පසුගිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබුණ.

    ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පළමු වරට 2004 වසරේ පාර්ලිමේන්තුවට තේරිපත් වූ පූජ්‍ය අතුරලියේ රතන හිමි මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන්නේ සිව්වන වරටය.

    (පූජ්‍ය අතුරලියේ රතන හිමි දිවුරුම් දීම අද - පෙ.ව 7.00 )

    පූජ්‍ය අතුරලියේ රතන හිමි 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් අද (05) පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

    පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රීධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.

    ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් 2004 දී කළුතර දිස්ත්‍රික්කයෙන් පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ රතන හිමියෝ 2010 වසරේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් 07 වැනි පාර්ලිමේන්තුව සඳහා තේරි පත්විය.

    2015 වසරේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙක් ලෙස 08 වැනි පාර්ලිමේන්තුවද නියෝජනය කළ රතන හිමි මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ සිව්වැනි වරටයි.

    Last modified on අඟහරුවාදා, 05 ජනවාරි 2021 11:36

    Latest News