තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

දෙසැ 05, 2020

    අද උදෑසන (05) අබුඩාබි සිට පුද්ගලයින් 82ක් හා කටාර් සිට පුද්ගලයින් 48ක් දිවයිනට පැමිණ තිබේ.

    එමෙන්ම තවත් මගී ගුවන් යානයකින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 45ක් හා කටාර් සිට පුද්ගලයින් 288ක් හා දරණ මගී ගුවන් යානය මගින් චීනයේ සිට පුද්ගලයින් දෙදෙනෙක් මෙරටට පැමිණ තිබේ.

    තවද අද (05) දින මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 33ක් හා දරණ ගුවන් යානයෙන් ජර්මනියේ සිට එක් පුද්ගලයෙක් මෙරටට පැමිණ ඇත.

    එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්තාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    අද දිනයේ දී (05) ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 63ක් තුළ පුද්ගලයින් 6,313ක් නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ දිනය තුල පීසීආර් පරීක්ෂණ 13,664ක් සිදුකර තිබේ.

    Latest News