මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයට නව තෙමහල් ගොඩනැගිල්ලක්

ජූලි 12, 2020

    මහනුවර මහ රෝහලේ වකුගඩු ඒකකයට රුපියල් ලක්‍ෂ 600ක වියදමින් නව තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ.

    ඒ, ඊඑල්එස් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ ධන පරිත්‍යාගයෙන්. එම සමාගමේ අධ්‍යක්‍ෂ අනුර විතානගේ මහතා විසින් ගොඩනැගිල්ල සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ මහනුවර මහ රෝහලේ අධ්‍යක්‍ෂ ආර්.එස්.බී රත්නායක යන මහත්වරුන් වෙත භාරදෙනු ලැබීය. වකුගඩු රෝගීන්ගේ සෞඛ්‍ය ප්‍රවර්ධන හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙස මෙය යොදා ගැනීමට නියමිතයි.

    Latest News