මහනුවර ජාතික රෝහලට රු. ලක්‍ෂ 20ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක්

මාර් 31, 2020

    මහනුවර ජාතික රෝහලේ ස්ථාපනය කෙරුණු කොවිඩ් 19 විශේෂ ප්‍රතිකාර වාට්ටු දෙක සඳහා රුපියල් ලක්‍ෂ 20ක් වටිනා ඇඳන් 15ක් සහ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම අස්ගිරි මහ විහාරයේදී ඊයේ සිදු කෙරිණ.

    අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කරක සංඝ සභික මහියංගනය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් විසින් මෙය පරිත්‍යාග සිදු කළේය. අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන, අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මධස්සි, නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද යන ස්වාමීන් වහන්සේ හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News