තක්කාලි වගාවට දිලීර රෝග අවදානමක්

දෙසැ 30, 2018

    මාතලේ ප්‍රදේශ කිහිපයක තක්කාලි වගාවට හඳුනා නොගත් රෝගයක් පැතිර යෑමෙන් අක්කර දහස් ගණනක් වගාවක් දිනපතා විනාශ වෙමින් පවති.

    මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල සහ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තක්කාලි වගාව සුදු කෙරේ. තක්කාලි පැලයේ ඵල හට ගැනීමත් සමඟ එක වැරම දිවා කාලයේ මලානිකව පසුව ගස මිය යෑම සිදුවන බව ගොවිහු පවසති. ගෙඩිවල කිසියම් දිලීර වර්ගයක් පැතිර යෑම මීට හේතුවි තිබේ.

    මෙතෙක් කිසිදු කෘෂිකර්ම නිලධාරීවරයෙකු සොයා බැලීමක් සිදු නොකළ බවත් වෙළඳසැල් හිමියන්ගේ උපදෙස් පරිදි කෘමිනාශක වර්ග යෙදුව ද ඉන් එකක් හෝ ඔරොත්තු නොදෙන බවද ගොවීහු පවසති. මේ වනවිටත් අක්කර දහසකට අධික වගාවකට මෙම රෝගයට පැතිර ගොස් ඇත. තක්කාලි වගාවේ ගස් විශාල ප්‍රමාණයක් එක් දිනකදි විනාශ වන බවයි ගොවින් පවසන්නේ.

    තක්කාලි වගාව ආරක්ෂා කර ගැනීමට පිළියම් ලබා දෙන ලෙස පල්ලේපොල වල්මෝරුව ගොවීහු කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලා සිටි. තක්කාලි වගාවේ අස්වැන්න නෙලීමට ආසන්නව තිබෙන අවස්ථාවක මේ අන්දමින් දරුණු වසංගත රෝගයක් මීට පෙර වැළඳී නොමැති බවත් ගොවින් පවසති. මෙම කන්නයේදී පමණක් මෙම රෝගය දැක ගැනීමට හැකිවූ බවත් ගොවීහු වැඩිදුරටත් කියා සිටිති.

    තක්කාලි වගාව බේරා නොදුනහොත් මෙවර අත කනකර බඩු උගසට තබා වගාකළ තක්කාලි සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි බවත් ඉදිරියේදී රට පුරාම තක්කාලි ඉතා ඉහල මිලකට අලෙවි වීම සිදු වෙන බවද ගොවීහු පෙන්වා දෙති.

    tomato01 px 900 18 12 30

    tomato02 px 900 18 12 30

    Ru News Alert Super 00238

    Latest News