සම්මුතිවාදය බිඳිම ගැන නිමල් සිරිපාල පසු තැවිල්ලෙන්

දෙසැ 30, 2018

    පසුගිය සම්මුතිවාදී ආණ්ඩුවෙන් රටට විශාල සේවාවක් ඉටු කිරිමට හැකි වු බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

    එය බිහිවුයේ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කරන්න නොවන බවත් ඔහු අවධාරනය කලේය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍ය මකාරක සභාව, විධායක සභාව සහ සමස්ථ ලංකා කාරක සභාවේ පූර්ණ අනුමැතිය එයට හිමිවු බවත් ඔහු පෙන්වා දුන්නේය. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මේ බව කියා සිටියේ බදුල්ල පුරහලේ පැවැති පාක්ෂික හමුවකදිය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා - “එක් තනිතීන්දුවක් නොවෙයි. අපි සම්මුති වාදි ආණ්ඩුවට එකතුවීම නිසා ගුණත් තියෙනවා අගුණත් තියෙනවා. ගම්පෙරළිය වැඩ සටහනින් ලංකවේම වැඩිම වැඩ ප්‍රමාණයක් බදුල්ලට කරන්න පුථවන් උනා. වැඩ 78 ක් කළා. ජාතික වශයෙන් එදා වැටිල තිබුණ ලංකා ගමනා ගමන මණ්ඩලයේ ණය බර නැති කරල බිලියන 1.2 ක ලාභයක් ලබාදෙන්න පුථවන් උනා. ඒ අපි ඇමතිකම ගත්ත නිසයි. ඒවගේම ගුවන්තොටුපලේ අවුරුදු 20 කින් පිළිසකර කර නොතිබු නිසා ලබන අවුරුද්දේ ඉදල ගුවන්යානා බස්සන්න බැහැ කියල අන්තර් ජාතික ගුවන් සේවා විසින් තහංචි දාලා තිබුණා. ඒ ධාවන පථය මාස කින් නිමකරලා තව අවුරුදු 25 කට මේ රටේ ජනතාවට දායාද කරන්න පුථවන් උනා. ඒ නිසා තමයි දැන් සංචාරකයෝ එන්නේ. ඒ තුලින් ආදායම් ලැබෙන්නේ. තමුන්නාන්සේලා දකින්න ඇති මම ගෙන්වපු අලුත් දුම්රිය කට්ටල නැවෙන්බාලා තියෙනවා. මේව්ගේ කට්ටල 20 ක් 25 ක් එනවා. ඒවා යූ. එන්. පී. ඇමතිවරු කරපු එවා නොවෙයි මම කරපු වැඩ. ඒවා තමයි අපි කරපු ගුණ. මොනවා හරි කෑවම ගුණත් තියෙනවා. ප්‍රත්‍ය වෙනවා. අප්‍රත්‍ය වෙනවා.

    නමුත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ බහුතරයකට මේ ගුණ වලින් වැඩක් නැහැ. අපට ඇමතිතුමා කෝච්චි නැති උනාට කමක් නැහැ. රස්සාවල් නැති උනාට කමක් නැහැ. යූ.එන්. පීය එළවලා දාන්න ඕන කිව්වා. ඉතින් අවසානයේදී ඒ මතය ඒ දේශපාලන මතය ජයග්‍රහණය කළා. ඒ නිසා ඕව දාල ඇමතිකම් දාලා මහ පාරට බහින්න එන්න කිව්වා. තමුන්නාන්සේලා එක්ක එන එක ප්‍රශ්යනක් නොවෙයි. නමුත් ඒකේ ක්‍රමවේදයක් තිබිය යුතුයි යැයි ද“ ඔහු කියා සිටියේය.

    Latest News